ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.
එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළා.