27.2 C
Colombo
Saturday, November 16, 2024

ගම්පොළ හෝටලයක්ම නාය යයි

- Advertisement -

පවතින අයහපත් කාළගුණයත් සමඟම ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී තිබෙනවා.

ගම්පොල පොලීසිය පවසන්නේ මෙම ස්ථානයේ අයිතිකරු හා ඔහුගේ පුත්‍රයා රාත්‍රීයේ හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බවයි =.

මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යාමට හසුව තිබෙනවා.

මෙම නායයාම නිසා නුවරඑළිය මාර්ගය ද පුපුරා ගොස් ඇති බැවින් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසනවා.

තවදුරටත් නායයෑමේ අවධානමක් පවතින බැවින් අසල නිවාසවල සිටින පිරිසද එම ස්ථානවලින් ඉවත් කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

ඡන්දෙන් තේරුණු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා (14) පැවැත්වුණා. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

POPULAR ARTICLES