26.8 C
Colombo
Wednesday, November 27, 2024

ගෑස් හිගය: ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගිහින්

- Advertisement -

පවතින ගෑස් හිගයත් සමඟ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල ආපනශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.

එමෙන්ම, අද දිනය වනවිට රජයේ රෝහල්වල ආපනශාලා ද ගෑස් අවසන් වීම හේතුවෙන් වැසී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

තවද, ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

මේ අතර, පාසල් ආපනශාලා යළි විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.

ඒ අනුව එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන් කර විවේකය ලබාදීම, පන්තියකින් එක් සිසුවෙකු මුළු පන්තියටම අවශ්‍ය ආහාරපාන ඇනවුම් ලබාදීම, නියමිත වේලාවට ආහාර සුදානම් කර සෞඛ්‍ය ආරක්ෂිතව පන්තිවලට සැපයීම ක්‍රියා කිරීම , දුරස්ථභාවය තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කිරීම යන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම...

පාර්ලිමේන්තුවේ ජල පොකුණට ගිය මන්ත්‍රීගේ සැප රිය

ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය පවසන්නේ...

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද

පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

POPULAR ARTICLES