ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රජා පොලිස් සේවයට නවක තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව ඇය සිය පාක්ෂිකයන් හට ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ එම තනතුරට අයැදුම් කිරීමට සුදුසුකම් ඇති තරුණ තරුණියන් ඇත්නම් සිය හබුරුගල කාර්යාලයට පැමිණ අදාළ අයැදුම්පත භාර දෙන ලෙසයි.
පළමුව ප්‍රජා පොලිස් සේවයට ඇතුළත් කර අනතුරුව ස්ථිර පොලිස් සේවයට බදවා ගන්නා බවට ඇය අදාළ ලිපිය මගින් පොරෙන්දුවී තිබෙනවා.
මේ සඳහා වයස අවුරුදු 18 ත් 26 ත් අතර සාමාන්‍ය පෙළ විෂයන් 6 ක් සම්මාන 4 ක් සහිතව සමත් තරුණ තරුණියන් හට අයැදුම් කරන්නැයි ඇය පාක්ෂිකයන් වෙත රාජ්‍ය සේවය පිණිස වන ලිපි කවරයක බහා යොමුකළ ලිපියේ දැක්වෙනවා.