25 C
Colombo
Friday, October 25, 2024

මහමැතිවරණය කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන දවස – අනුර

- Advertisement -

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (23) පැවති මැතිවරණ රැළිය අමතමින්.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනය බව ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියා.

“නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ. ජාතික ජනබල වේගයේ විශාල වැඩක් තමයි මේ රට ඩිජිටල්කරණය කරන එක. පුරවැසියන්ට අවශ්‍ය කාර්යය සුවපහසුවෙන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ ඔප්පුවක් ගන්න. පෝලිමේ ඉන්න ඕනේ නෑ මරණ සහතිකයක් ගන්න. කට්ටිය කියනවා මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. අපි ගැන කලබල වෙන්න එපා. වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි. 2015 ඒක නාටකයක් වුණා. ෆයිල් අරන් යනවා වොයිස් කට් දෙනවා. දූෂිතයත් වොයිස් කට් දෙනවා. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. අදත් වෙලා තියෙනවා නේ. කියමනක් තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැණ වැට පනිනවා කියලා. පහුගිය දවස්වල ඒක දැක්කා ද? ඒ කාර්යය සිදුකරන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. කලින් වැට පැනලා. එයාලා කලබල වෙලා. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා.”

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...