25 C
Colombo
Thursday, January 9, 2025

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

- Advertisement -

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස සේවය කරන ලද නිලධාරියා එලෙස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මළ සිරුර එම නිලධාරියා නවාතැන් ගෙන් සිටින ඉස්ලාමාබාද්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිවසක තිබිය දී සොයා ගැනුණු බව පාකිස්ථාන පොලිසිය තහවුරු කළ බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තෝමස් ෆීල්ඩර් නමැති එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා දින දෙකක් පුරා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා තිබෙනවා.

අනතුරුව ඔහුගේ නවාතැන වෙත පැමිණි තානාපති කාර්යාලයේ සාමාජිකයින් එහි තිබූ ඔහුගේ ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, කෙසේ නමුත් මරණයට හේතුව විදෙස් මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

RECENT ARTICLES - SINHALA

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව...

අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර...

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES