පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සහ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තු දෙකක් (17) වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අනතුරුව එදින පෙරවරු 10.30 සිට පස්වරු 02 දක්වා පාසල් ළමුන් සඳහා වූ පරිපූරක ඇස්තමේන්‍තු සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන,එම විවාදය ඊට පසුදින පැවැත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තුව 17 වන දින සහ පසුදින පමණක් මේ සතියේදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.