මෙතෙක් TSP පොහොර ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බවයි
කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
ඊයේ(06) දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644ක් බව ද සඳහන්.
මෙවර යල කන්නයේ දී අනෙකුත් පොහොර වර්ග හෝ බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා
දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් ද ලබා දීමට නියමිත බව සඳහන් කරනවා.