24 C
Colombo
Saturday, January 11, 2025

ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න මහින්දට යළිත් අගමැතිකම

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා සුදානමක් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පිරිසක් එක්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එක්වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි නමුත් අවසන් මොහොතේ අමාත්‍යවරයා ඊට සහභාගී නොමැති බවයි වාර්තා වන්නේ.

යළිත් වතාවක් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් ඒ ආණ්ඩුව තුළ වුවත් තමන්ගේ පක්ෂය අර්බුදයට ලක් වීම මිසක් ඊට එහා දෙයක් සිදු නොවන බව මේ සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

මීට පිළියමක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්‍රාමත්‍ය ධුරයට පත්කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවයි එම මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ.

ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම සඳහා කෙටි කාලයකට මෙසේ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කිරීමට මෙහිදී පිරිසගේ අදහස වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීමට අවශ්‍ය නොවන බවයි.

එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡාව අවසන් වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES