කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළා.
බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් එළැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පවසනවා.
හොර අරක්කු මෙන් බිත්තර සඟවා අළෙවි කිරීමට වෙළඳසැල් හිමියන් කටයුතු කරන්නේ බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුව නිසා බවත් බොහෝ පිරිස් කර්මාණ්තයෙන් ඉවත්ව ඇති බවත් සඳහන් කළා.
එමෙන්ම බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් කර්මාණ්තය අනතුරකට ලක්ව ඇති බවත් කුරුලු උණ ඇතුලු ලෙඩ රෝග යලි පැතිරීමේ අවධානමක් පවතින බව ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළා..