24.9 C
Colombo
Friday, November 22, 2024

මිතුරන් ඇති කර ගැනීම වෙනුවෙන් චීනයට ආදරණීය ප්‍රතිරූපයක් ලබා දෙන්න – චීන ජනපතිගෙන් ඉහළ නිලධාරීන්ට නියෝගයක්

- Advertisement -

සිය ප්‍රතිරූපය යළිත් වරක් වෙනස් කර ගනිමින් මිතුරන්ගේ කවය පුළුල් කර ගැනීමට තමන්ට අවශ්‍ය බව චීන ජනපති ෂී ජින් පින් ප්‍රකාශ කරන බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෂින්හුවා වාර්තාවක් ප්‍රකාශ කරයි.

එම වාර්තාවට අනුව කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඔහු පවසා ඇත්තේ “විශ්වසනීය, ආදරණීය හා ගෞරවනීය” චීනයේ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම වැදගත් බවයි.

මෙය චීනයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයේ සිදුවිය හැකි වෙනසක් සලකුණු කරනු ලබයි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ගෝලීය බලවතුන් සමඟ සබඳතා පිරිහීම සහ චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය එන්න එන්නම ප්‍රතිවිරෝධී වීම මධ්‍යයේ මෙම අදහස් පළ වී ඇති බවයි.

උයිගර් මුස්ලිම් සුළුතර කණ්ඩායමට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ගැති උද්ඝෝෂකයින් මර්දනය කිරීම සම්බන්ධයෙන් චීනය මේ වන විට දැඩි විවේචනයන්ට මුහුණ දෙමින් සිටියි.

එමෙන්ම කොවිඩ් -19 චීන විද්‍යාගාරයකින් පැමිණියේ දැයි වැඩිදුර විමර්ශනය කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහය එය හෙළා දකිමින් ඇමරිකාවට දොස් පැවරීම හමු වේ ද චීනයේ ප්‍රතිරූපය පිරිහෙමින් පැවතීම චීන ජනාධිපතිවරයාගේ නවතම ප්‍රවේශයට හේතු විය හැකි බව විචාරකයන් පෙන්වා දෙයි.

“මිතුරන් ඇති කර ගැනීම, එක්සත් වීම සහ බහුතරය දිනා ගැනීම තුළ නිරන්තරයෙන් මිතුරන්ගේ කවය පුළුල් කිරීම අවශ්‍ය බව” ඔහු පෙන්වා දී ඇත.

ලෝකය සමඟ සන්නිවේදනයේ දී රට “විවෘත හා විශ්වාසදායක මෙන්ම නිහතමානී” විය යුතු බව ඔහු පැවසීය.

බීජිනයට අවශ්‍ය වූයේ “චීන ජනතාවගේ සතුට හා වාසනාව හැර වෙන කිසිවක්” නොවන බව ද පක්ෂයේ ප්‍රචාරක සංවිධාන පැහැදිලි කළ යුතු බව ෂී පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

POPULAR ARTICLES