28.6 C
Colombo
Monday, April 14, 2025

ඇඬියාව ඉවර කරන්න, ඉක්මනට දිනයක් දෙන්න – අනුර

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද (01) මාතර පැවති ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මැයි රැලිය දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මේ රට විනාශයට පත්කරන ලද අපරාධකරුවන් යටතේ පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද මේ පවත්වන්නේ.”

“අර සජබෙ ඇඬියාව, මළ කරදරයක් නේ. විවාදයකට එන්නලු. අපි දින 4ක් දුන්නා. දින 4ම එයාට වැඩ ලු. රෑත් වැඩ. ඊට පස්සේ අපි කිව්වා මැයි 20ට කලින් අපිට දිනයක් දෙන්න කියලා. ඒ ඕන දිනයකට අපි ලෑස්තියි. මොකද මේ ඇඬියාව ඉවර කරන්න ඕනේ.”

“මොනරාගල පැත්තේ ගිහින් ශිෂ්‍යත්වෙ ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදෙට. නිවටයෝ වගේ පැනලා යන්නේ නැහැ….කියනවා.”

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES