ශ්‍රී ලංකාව දැනට ඇති ණය ගෙවා දමා ලෝකයට ණය දෙන රටක් බවට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දිගු කාලයක් රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
“ණය ගත්තාම, ඒ ගත්ත ණය නිසි ආකාරව පාවිච්චි කළාම ණය නොගන්න රටක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තිබෙන්නෙ මට දිග කාලයක් ඉඩදෙන්න, මම මේ රටේ ණයත් ගෙවලා මේක ණය දෙන රටක් බවට පරිවර්තනය කරන්නම් කියලා.
ජාතික නායකත්වයක් ජනතාව සතුවෙලා තිබෙනවා. ඒ ජාතික නායකත්වයෙන් රට ගොඩගැනිය යුතුව තිබෙනවා. සියලු සංවිධාන ඒකරාශී කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා.
කිසිම සංවිධානයක් අතහැරලා මේ රට ගොඩගන්න බෑ. මේක ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙන අවසාන අවස්ථාවක්. වාසනාවට ජාත්‍යන්තරය හසුරුවන්න පුළුවන් නායකයෙක් ශ්‍රී ලංකාවේ හිටියා. එතුමාගෙන් ජාතිය ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා”