ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව විසදීම සඳහා අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කර ඇති රුපියල් 5000 දීමනාව ගුරුවරුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම රුපියල් 5000 පෞද්ගලික බස් රථ සේවකයන් හට ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු අද (01) සඳහන් කළේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වයෙන් බස් හිමියන් හා බස්රථ සේවයකයන් දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි.
වර්ජනයක නිරතවූවද ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, දුම්රිය සේවකයන්ට ඔවුන්ගේ වැටුප් හිමිවුවද පෞද්ගලික බස්රථ සේවකයන්ට කිසිදු දෙයක් රජයෙන් නොලැබෙන බවයි.