කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරය ගොඩ නැගූ පිරිසක් වශයෙන් බවද ඔහු සඳහන් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ආගමික ආශීර්වාද ලබා ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා.2019න් පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ අලුතින් තබලා නැහැ.අපි කොළඹ නගරයේ කසල ප්‍රශ්නය විසඳුවා.කොළඹ නගරයට කැලණි ගඟ නිසා ගංවතුර උවදුරක් තිබුණා.ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා.”