බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් 677,310,758 වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි තිබෙනවා.
ලබාදි ඇති ටැබ් පරිඝණක වල වටිනාකම රුපියල් 589,035,758 ආරෝපිත2 රාක්කවල වටිනාකම රුපියල් 88,275,000ක්.
ටැබ් පරිඝණක උපයෝජනය කර එහි ප්‍රතිලාභ සිසුන්ට ලබා ගැනිමට හැකිවන ලෙස අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශයන් ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකර තිබෙනවා.
ඉගෙනුම් ඉගැන්විමේ ක්‍රියාවලියට තාක්ෂණය බද්ධ කිරිම ඕනෑම පාඩමකට නොයෙක් අයුරින් සිදුකළ හැකි බවත් මේ පිළිබද ගුරුභවතුන් තවදුරටත් දැනුවත් කරණ බව අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කර තිබෙනවා
2017 වර්ෂයේ අයවැය යෝජනා අනුව උසස්පෙළ ගුරුවරුන්ට හා එම විෂය උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබාදිමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ටැබ් පරිඝණක 96,919ක් සහ ආරෝපිත රාක්ක 2639ක් මිලදි ගෙන තිබුණා.
පසුව මෙහි අරමුණ වෙනස් කර 06 වසර සිට 11 වසර දක්වා සිසුන් වෙනුවෙන් ටැබ් පරිඝණක ලබාදි තිබුණා.