ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවයි.
ඒ අනුව 2025 වසරේ දී ලෝකයේ මිලියන 117ක පමණ පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.
මෙම වසරේදීත් ආධාර අවශ්‍ය පිරිස් වෙන මානුෂිය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 49.6ක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු ගත කර තිබුණත් ඔවුන්ට ඉන් සපයා ගත හැකි වූයේ සියයට 46ක් පමණක් බවයි සඳහන් වන්නේ.