කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ලක්වාසී ලෝකවාසී සියළු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ සහභාගීත්වයෙන් ආශීර්වාද පූජාවක් පැවැත්විණි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රෝගාතුර බව දැනගත් පසුව එතුමාගේ යහපත් සෞඛ්‍ය පතා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට මෙය සූදානම් කළ බවයි එහිදී පැවසුනේ.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වීම හේතුවෙන් පසුගිය 17වනදා ඔහුව දැඩිසත්කාර ඒකකය වෙත යොමු කළා.
හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 13වනදායි.