බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා.
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.