25 C
Colombo
Friday, November 29, 2024

අගමැතිට යන්නයි කියා ‘මයිනා ගෝ ගම ‘ ඇරඹෙයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වහාම සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් ‘මයිනා ගෝ ගම’ ලෙසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භවී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ පටන් කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාලයක් අටවාගත් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සිය විරෝධය පලකරමින් සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් සොරාගත් මුදල් යළිත් භාණ්ඩාගාරය වෙත භාරදී අගමැතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි.

ගාලු මුවදොර සිටින විරෝධතාකරුවන් මීට දින දෙකකට පෙර ගාලුමුවදොර සිට පාගමනින් අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ මල්වඩම් තබා අරලියගහ මන්දිරයේ සුදුකොඩි එල්ලා අගමැතිවරයාට සිය විරෝධය පලකළා.

අනතුරුව මෙම විරෝධතාකරුවන් පිරිස අරලියගහ මන්දිරය ඉදිරිපිට මෙම විරෝධය ආරම්භ කලද පොලීසිය අරලියගහ මන්දිරය අසළ පදික වේදිකාවේ බස්රථ නවත්වා විරෝධතාකරුවන්ට බාධා කළා.

කොල්ලුපිටිය පොලීසිය මෙම විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සහ කළද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

මිදිගම රුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා අද (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී...

POPULAR ARTICLES