#GoHomeRajapaksa යන හෑෂ්ටැගය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය තුල ශීඝ්‍රයෙන් ජනප්‍රිය (trending) වෙමින් පවතිනවා.
ඒ, ලෝකය පුරා වෙසෙන ශ්‍රීලාංකික මෙන්ම විදෙස් ජනතාව මෙරට වත්මන් තත්වය පිළිබඳව සිය අප්‍රසාදය පල කිරීමත් සමගයි.
ඇඳිරි නීතිය සහ හදිසි නීතිය පනවා මෙරට ජනතාවට විරෝධතා පෑමට ඇති ඉඩ රජය විසින් ඇහිරීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් වීදී බැස විරෝධය පල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.