සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ, දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.
සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇති බවත් ඒ මහතා පවසනවා.
මාර්ගවල වාහන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් වෙළඳසැල්වල රථගාලවල්හි වාහන නැවැත්වීමටද ඉඩ ලැබෙන්නේ නෑ.
අසල්වැසියන් එක් වී වෙළඳසැල් වෙත යාමද, පිට ප්‍රදේශවල වෙළඳසැල් වෙත යාමද තහනම් වන අතර තම පදිංචිය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත ළඟ තබාගත යුතු බවයි එම මහතා පවසන්නේ.