මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 155,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය බදාදා දින එය රුපියල් 152,200ක් ලෙස දැක්වුණා.
මේ අතර, පසුගිය බදාදා වනවිට රුපියල් 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.