ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර ඇති අතර එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බව ඔහු පැවසුවා.
ඔහු මෙම අදහස් පල කළේ, ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී මෙහිදී ප්‍රතිලාභ ලබාදීමට නියමිත බවයි.