28 C
Colombo
Tuesday, September 17, 2024

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

- Advertisement -

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා.

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද  අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබුණා.

එම රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක වුණා.

මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුනක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.  

පෙර පැවති රීතිවලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණා.

මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය https://www.dfe.lk/ හරහා ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...