24 C
Colombo
Sunday, January 5, 2025

කතරගම දේවාලයේ පඩුරුවලින් හොඳ වැඩකුත් කරලා

- Advertisement -

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණා.

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණා.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා, විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් වුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත්කළා.

එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවීත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවීමට අවස්ථාව සලසන්නේ, ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කිරීමෙන්.

මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES