ලොව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සැපයුම්කරු වන ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්ථනය භාවිත කිරීම එම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවටයි පැවසෙන්නේ.
චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට අවනතවීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී ද, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කළ බවත් වාර්තා වනවා.
මීට අමතරව චීනය තුළ අන්තර්ජාල සේවා සැපයීමේදී ඊට අදාළ ස(ර්)වර් පහසුකම් රජයේ ආයතනයක් හරහා ලබාගැනීමට නියෝග කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.