25 C
Colombo
Wednesday, March 19, 2025

ගෝඨා සාක්ෂි දෙන්න යාපනේ අධිකරණයට එන්න බැහැ කියලා

- Advertisement -

2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මේ බව දැනුම් දී සිටියා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියා.

ඊට පෙත්සම්කර පාර්ශ්වය විරෝධය පළ කර තිබුණේ නැහැ.

ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම ලබන වසරේ මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් අදාළ සිතාසි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට නියෝගයක් නිකුත් කර තිබුණා.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්

ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

POPULAR ARTICLES

රජයේ තීරණය එනතුරු බලන් ඉන්න කොටස් වෙළදපොළ

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම...

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...