30 C
Colombo
Saturday, September 14, 2024

ගෝඨා රට පාලනේ කළේ නඩු කිහිපයක් ඉවත් කර ගන්න-හිරුනිකා

- Advertisement -

යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපති බවට පත් වුවහොත් ඔහු එම ධූරය දරන්නේ උපරිම මාස 6 ක පමණ කාලයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

2000 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කිසිඳු ක්‍රියාමර්ගයක් නොගත් මන්ත්‍රීවරයෙක් බවයි ඇය එහිදී සඳහන් කර සිටියේ.

එවැනි අයෙක්ගෙන් වත්මන් ශ්‍රී ලංකාව දියුණු කළ හැකි බව විශ්වාස කළ හැකිද යන්න ඇය ප්‍රශ්න කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරය දරන්නේ උපරිම අවුරුදු 2 ක කාලයකට බව තමා මීට පෙර ප්‍රකාශ කළ බවත්, ඔහු ජනාධිපති බවට පත් වූයේ තමන්ට එරෙහිව පැවති නඩු කිහිපය ඉවත් කර ගැනීමට බවත් ඇය එහිදී පවසා සිටියා

ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ සජබ නායක සජිත් ප්‍රේමදාස යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසිඳු දේශපාලඥයෙක් බවයි.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පළ කළේ ,ඊයේ (28) මීරිගම ප්‍රදේශයේ පැවති සජබ දේශපාලන ජන හමුව අමතමින්.

RECENT ARTICLES - SINHALA

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක් 

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය...

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...