2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙන බවයි.
එළැඹෙන අයවැය මගින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කල බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.