හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
කතරගම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ඉඩම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව පසුගිය ජනවාරි 03 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.