හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණ තිබෙනවා.
ඒ දින 50 කට පසුවයි.
ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක රාජ්‍ය පාලනයට එරෙහිව පසුගිය කාලය පුරාවටම මහජනතාව දැඩි විරෝධයක් එල්ල කළා.
ඒ අනුව පසුගිය ජූලි 09 වනදා ජනාධිපති මන්දිරය වටලා පැවති ජන අරගලයෙන් පසුව ඔහු ජූලි13 වනදා මෙරටින් මාලදිවයින බලා පලාගියා.
අනතුරුව ඔහු මාලදිවයිනෙන් සිංගප්පූරුවට පලා ගිය අතර එහිදී තමන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර තිබුණා.
පසුව ඔහු තායිවානයට පලා ගිය අතර එහි පවතින අධික ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් යළි මෙරටට පැමිණ තිබෙනවා.
මාධ්‍ය වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.