පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකරනු ලැබූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්ව බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.
අදාල ප්‍රහාරය සිදුකිරීමට මුදල් වියදම් කරනු ලැබූවේ ඇවන්ට්ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත් මීට අදාල තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇති බවටත් ජනහමුවක් අමතමින් ඔහු සදහන් කළා.
පාස්කු ප්‍රහාරය සිදුවූවායින් අනතුරුව එහි වාසිය අත්පත්වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාට බවත් පාස්කු ප්‍රහාරය සිදුවූ දින කිහිපයකින් පසුව තමන් එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බවද අශෝක අබේසිංහ මහතා මෙහිදී රැස්ව සිටි පිරිස හමුවේ පවසා සිටියා.
ඊට අදාල දර්ශන පහතින්,