ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යනු අලි සබ්රි ඇමතිවරයාගේ වහලුන් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.
ඒ,අද (29) බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමින්.
අලි සබ්රි වැනි එක් පුද්ගලයෙක් වටේ රජය පාලනය ගැන බරපතල තීන්දු ගැනීම සීමා කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රශ්න විසඳීම අලි සබ්රි විසින් භාර ගැනීම නිසාද යන්න උන්වහන්සේ විමසා සිටින අතර එක් පුද්ගලයෙක් වටා සමස්ත ශ්‍රී ලංකාවේ ආර්ථික බලය මෙන්ම අධිකරණ බලය ගොණු කිරීම ගැන සියලුම දෙනා ලැජ්ජාවට පත්විය යුතු බවයි උන්වහන්සේ කියා සිටින්නේ.
මෙලෙස එක් පුද්ගලයෙක් වටා එලෙස බලය තබා ඇත්තේ කප්පමක් වශයෙන් ද යන්න පිළිබඳව ද යන්න තමන වහන්සේ ප්‍රශ්න කර සිටින බවත් උන්වහන්සේ සඳහන් කරනවා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහත් සාඩම්බරයෙන් තමන්ව බලයට පත්කළ සිංහල බෞද්ධ බලවේගය ගැන කතා කළද රට වැටී තිබෙන අස්ථාවර භාවයෙන් මිදීම සඳහා මහනා හිමිවරු කර තිබෙන යෝජනා ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවද සොභිත හිමියන් පවසනවා.