කොළඹ ප්‍රධාන මාර්ග රැසක් අවහිර වන පරිදි මාර්ග හරස්කොට වැටවල් රැසක් ඉදිකිරීමට පොලීසිය ඊයේ (23) රාත්‍රියේ සිට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කාපට් කර ඇති ප්‍රධාන මාර්ග රැසක පොළොව විද ස්ථීර මාර්ග බාධක ඉදිකර ඇති අයුරු දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් මාර්ගවල කාපට්ද විනාශවී ඇති බවයි දක්නට ලැබෙන්නේ.
ජනාධිපතිවරයාට එරෙහිව අද දිනයේ විරෝධතා පාගමන් කිහිපයක්ම ක්‍රියාත්මක වන බැවින් පොලීසිය ලවා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය විසින් අද විරෝධතා පාගමනක් සංවිධානය කර ඇති අතර ඊට සිසුන් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතයි.
මෙම පාගමන කඩාකප්පල් කිරීමට පොලීසිය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අදාළ විරෝධතාවයට වාරණ නියෝගයක් ගැනීමට ඊයේ දිනයේ පොලීසිය අධිකරණයට ගියමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා.