හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුලු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවාමකට අනුවයි.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
මිට පෙර මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන්ද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගත්තා.