අද දිනයේත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත විරෝධතා වැකි ප්රක්ෂේපණය කරතැයි බියෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මතට අධි බලැති විදුලි පහන් (Flash Light) යොමුකර තිබෙනවා.
ඒ මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසට අනපේක්ෂිතව සිදුවූ විරෝධතාවයෙන් පසුවයි.
මීට පෙරද ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත විරෝධතා වැකි ප්රක්ෂේපණය කළ අතර එය ජාත්‍යන්තරයේද අවධානය දිනාගත්තා.
කෙසේවෙතත් මේ වන විට රට පුරා දැවැන්ත විදුලි අර්බුදයක් පවතින තත්ත්වයකදී ජනාධිපතිවරයා හට නිස්කාරනේ බිත්තිවලට ගැසීමටද අධි බලැති විදුලි ආලෝක තිබීම විශේෂත්වයක්.