27 C
Colombo
Thursday, April 24, 2025

ආනයනය කරන පොහොර සම්බන්ධයෙන් රජය වගකීම බාර ගන්නවා..! – මහින්දානන්ද

- Advertisement -

කාබනික පොහොර භාවිතා කිරීමේ තීන්දුව ආපස්සට හැරවීම සඳහා රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් විශාල මුදලක් වැය කරමින් අති විශාල කුමන්ත්‍රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවස්නවා

ඒ, අද (9) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රසායනික පොහොර මාෆියාව යනු මේ ලෝකයේ දෙවැනි විශාලතම මාෆියාව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් රජය ගොවියා ඉල්ලූ පොහොර ටික ලබා දුන් බවත් රටේ කෘෂිකර්මාන්තය කඩාවැටීමට රජය කිසිසේත්ම ඉඩ නොදෙන බවත් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන බවත් පැවසූ අමාත්‍යවරයා ආනයනය කෙරෙන පොහොර සම්බන්ධයෙන් භූතයකු මවමින් සිටින බවත් ආනයනය කෙරෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය බාර ගන්නා බවත් සඳහන් කර සිටිනවා.

චීන පොහොර නැව ආපසු හරවා යැවුවේ එය නියමිත ක්‍රමවේදයට අනුව නොපැමිණි නිසා බව පැවසූ ඔහු කාබනික පොහොරවලට එරෙහි කුමන්ත්‍රණය පිටුපස සිදුවූ දුරකතන සංවාද මෙන්ම සමහරුන්ගේ බැංකු ගිණුම්වලට එන මුදල් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සඳහා තමාට කෙටි කාලයක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES