28 C
Colombo
Saturday, September 14, 2024

සහන දීලා රජය මැතිවරණ නීති උල්ලංඝනය කරලා – TISL

- Advertisement -

මැතිවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී ජනතාවට විවිධ සහන මෙන්ම වැටුප් වර්ධක ලබා දෙන බවට නිවේදන ඉදිරිපත් කිරීමෙන් රජය විසින් හිතාමතාම ජාත්‍යන්තර මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලංකා ආයතනය අවධාරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ 2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම පිළිබඳව විමර්ශනය සිදු කරන මැතිවරණ නිරීක්ෂකයෙකු වශයෙන්, රාජ්‍ය අංශයට වඩා වාසි දායක වන නිවේදන කිහිපයක් ආණ්ඩුව විසින් නිකුත් කර ඇති බව සොයා ගෙන ඇති බවයි.

ලබන වසරේ සිට රාජ්‍ය සේවකයන් වෙත 24%- 25% දක්වා වැටුප් වර්ධක ලබා දීමට මෙන්ම රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බවට පසුගිය සතියේදී රජය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියැලෙන සමස්ථ සේවක සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වන අතර ඔවුන් සියල්ලක්ම වාගේ ඡන්ද දායකයින්ද වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කරනවා.

එමෙන්ම, විශ්‍රාමිකයින් සඳහා රුපියල් 12,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බවට පොරොන්දුවක්ද රජය විසින් ලබා දී තිබෙනවා.

තවද, අගෝස්තු 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරයක් සහ තේ වගාකරුවන් සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එමෙන්ම, වතු කම්කරුවන්ගේ අවම වැටුප ද රු. 1,700 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගත් බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙනවා.

එම ආයතනය අවධාරණය කරන්නේ,  මෙම වැටුප් වර්ධක ලබා දෙන බවට නිවේදන නිකුත් කළද ඒ සඳහා මුදල් සපයා ගන්නෙ කුමට ක්‍රමයකින්ද යන්න රජය විසින් කිසිදු විටෙක පැහැදිලි කර නොමැති බවයි.

මෙම ගැටළු සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය  විසින් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ කොමිසම වෙත ගොනු කර ඇති අතර අගෝස්තු 23වන දා වන විට පොදු සම්පත් අවභාවිතය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 80 කට වඩා ඉදිරිපත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම, මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් එවැනි උල්ලංඝනය කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් විසඳා ඇති බවත් කඩිනම් ක්‍රියාමර්ග ගනිමින් එම ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන්  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය  කොමිසමට ප්‍රංශසා කළ බවත් එම ආයතනය පවසනවා.

කෙසේවෙතත්, ට්‍රාස්න්පේරන්සි ඉන්ටර්නැශනල් ආයතනය තවදුරටත් සඳහන් කරන්නේ තීරණාත්මක මැතිවරණ කාල පරිච්ඡේදයක් තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් පුරවැසියන්ගේ නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් වන අතර එමඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට හානි පමුණුවන බවයි.

ඒ අනුව, මැතිවරණ සාධාරණත්වය ප්‍රතිෂ්ඨාපනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමට කඩිනම් හා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ට්‍රාස්න්පේරන්සි ඉන්ටර්නැශනල් ආයතනය අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

අද විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...