27 C
Colombo
Saturday, January 4, 2025

රජය ඇණවුම් කළ සහල් බෙදා හැරීම අද සිට

- Advertisement -

රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා .

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය ලෙස සහල් මෙට්‍රික්ටොන් 780ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.

ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම,  තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවද සභාපතිවරයා පවසා තිබෙනවා.

ඊයේ (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර වරායෙන් පිටත් කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවයි.

මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක්ද මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

POPULAR ARTICLES