29.2 C
Colombo
Friday, April 11, 2025

අමෙරිකාව සමඟ වෙළඳ පරතරය අඩු කරන්න රජයෙන් යෝජනාවලියක්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදය විසින් භාණ්ඩ අනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට  44% ක බදු පැනවීමට ගත් තීරණය හේතුවෙන්, දෙරටේ වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් එළඹෙන අඟහරුවාදා (08) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එරට බලධාරීන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට ඊයේ (06) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, අප්‍රේල් 05 වෙනි දින සිට බලපැවැත්වෙන “Baseline” තීරු බදු ප්‍රතිපත්තිය නිර්ණය කර ගැනීමට පාදක කරගෙන ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය සමඟ අනෙක් එක් එක් රටවල් සමඟ විදේශ වෙළඳාමේ ඇති වන වෙළඳ පරතරය බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ අරමුණ වී ඇත්තේ ආනයන සඳහා තීරු බදු ව්‍යුහය ඉදිරිපත් කිරීම වුවත් එම ව්‍යුහය සකස් කිරීම සඳහා ඔවුන් එම තනි තනි රටවල් සමඟ ඇති වෙළඳ අනුපාතය පාදක කරගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසා සිටියා.

ඔහු සඳහන් කළේ 44%ක බදු පැනවීම අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% කට පමණ බලපෑම් ඇති කරන අතර ඒවා තරඟකාරී බවින් ඉවත්වීම සිදු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,

“44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා.  බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරඟකාරී බවින් ඉවත්වෙනවා. අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා.  අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා.”

RECENT ARTICLES - SINHALA

අවුරුදු දවස්වල අල්ලස් කොමිසමට එන්න බැහැ – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ...

අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක...

ජාතික රෝහලේ විකිරණ පරීක්ෂණ සඳහා විකල්ප වැඩපිළිවෙළක්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත්ව ඇති නමුත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රෝහල තුළ විකල්ප...

POPULAR ARTICLES