27 C
Colombo
Monday, March 31, 2025

හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා

- Advertisement -

ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිත බව පැවසෙනවා.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (27)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා තිබෙන බව පැවසෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වු බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු...

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

POPULAR ARTICLES

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ...

මහ බැංකුව දුන් සහන කාලය අවසන්

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අද (31) දිනයෙන්...

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු...