24.1 C
Colombo
Friday, November 29, 2024

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

- Advertisement -

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දුන්නා.

තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා,

“වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ බෝග 6යි. වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිද්ධවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා. අනෙකුත් ගොවීන්ටත් යම් වන්දියක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලයට ඊට අදාළ ඉල්ලීමක් කරන්න අපි සූදානම්”.

අයහපත් කාලගුණය මෙරට කෘෂිකර්මාන්තයටද එල්ල කර තිබෙන්නේ දැඩි බලපෑමක් එල්ලවි තිබෙන අතර මහ කන්නය වෙනුවෙන් වී වපුරා තිබූ කුඹුරු ඇතුළු ප්‍රදේශ රැසක ගොවිබිම් මේ වනවිටත් ජලයෙන් යටව පවතිනවා.

ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ජලගැලීම් නිසා උතුරු, උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකම ගොවිබිම් රැසකට මේ වනවිට දැඩි හානි සිදුව තිබෙනවා.

ඒ ගොවීන්, මහ කන්නය වෙනුවෙන් වී වපුරා සතියක පමණ කාලයක් ගතව තිබූ පසුබිමකයි.

මෙවන් පසුබිමක ගොවි සංවිධාන පෙන්වාදෙන්නේ සිදුව ඇති හානිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදය රජය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි

RECENT ARTICLES - SINHALA

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

POPULAR ARTICLES

ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ...

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන්. හතරවන දිනටත් උඩරට මාර්ගයේ...