29 C
Colombo
Tuesday, September 17, 2024

මීට කලින් රටේ හැදුණේ උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩු, අපි එකට දිනමු – අනුර

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී  දකුණේ ජනතාවගේ ඡන්දයෙන් විතරක් ජයග්‍රහණය කර ප්‍රමාණවත් නොවන බවත් එම ජයග්‍රහණය සඳහා උතුරේ ජනතාවගේ ඡන්දයද  අවශ්‍ය බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ශක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කිලිනොච්චිය – සමුපකාර සංස්කෘතික ශාලාවේදී පසුගියදා (05) පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින්  උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජීවත්වෙන සියලු ජනතාවට හොඳ ජීවිතයක් ලබා දීමට අපේක්ෂා කරන බවත්,  පැරණි අසාර්ථක පාරෙම රට ගෙනියන්නට නොදී අලුත් පරිවර්තන යුගයකට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙසත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මීට කලින් රටේ හැදුණේ උතුරේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ආණ්ඩු. 2005 ඡන්දයේදී උතුරේ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය වර්ජනය කළා. 2010 ඡන්දයේ දී ෆොන්සේකාට ඡන්දය දුන්නා. ඔබ පැරදුණා. 2019 ගෝඨාභයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒත් පැරදුණා. හැබැයි මේ සැරේ මාලිමාවට ඡන්දය දෙන්න. උතුරේ දකුණේ අපි හැමෝටම එකට එකතු වෙලා දිනන්න පුළුවන්. අපි ආණ්ඩුව හදන්නේ මැති ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට මහජනයාගේ ධනය නාස්ති කරමින් සුඛෝපභෝගී ජීවිත ගෙවන්න දෙන්න නොවෙයි. අපි ආණ්ඩුව හදන්නේ උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජීවත්වෙන සියලු ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්නයි. මේ කඩා වැටී තිබෙන රට දියුණු කරන්නයි. අපි ආණ්ඩුව හදපු දවසේ සිට ජනතාවගේ ජීවිත දියුණු කරන්න. රට පොහොසත් කරන්න වැඩ කරනවා. අපි දැනට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න සැලසුම් කර තිබෙනවා. සියලු ජනතාවගේ අයිතීන් තහවුරු කරන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි නීතිවලින් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.

මේ පළාත්වලත් දැන් මත්ද්‍රව්‍ය, මත් කුඩු උවදුර විශාල ලෙස පැතිරෙමින් යනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ඉන්නේ දේශපාලකයනුයි. කිලිනොච්චියේ හෝ ලංකාවේ කුඩු හදන්නේ නැහැ. මේ ඔක්කොම එන්නේ පිටරටින්. දේශපාලනික ඇඟිලි ගැසීම් නැතිනම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ උවදුර මර්දනය කළ හැකියි. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ලංකාව බේරා ගන්නවා. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන අපි රටක් හදන්න ඕනෑ. කතාකරන භාෂාව, අදහන ආගම, තම තමන්ගේ සංස්කෘතියට අනුව නීතිය එක එක විධිහට ක්‍රියාත්මක වෙන්න බැහැ. හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි ගොඩනඟනවා. අපේ දේශපාලකයෝ නීතියට යටත් නැහැ. නීතියට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා අපි දේශපාලකයාවද නීතියට යටත් වෙන රටක් හදනවා.”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...