අරගලයට සහය පල කරමින් ජාතික කොඩියක් සිය සමාජ ජාලා ඡායාරූපයට එක් කිරීමේ රැල්ල ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ද අනුගමනය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, කාංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ වැනි ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ පිරිස් සිය සමාජ ජාලා ඡායාරූපයට ජාතික කොඩියක් එක් කර සිටිනවා.
ඒ අනුව, රජයට ඉවත්වී යන ලෙසට බල කෙරෙන අරගලයට රජයම සහය දක්වන්නේ දැයි ජනතාව විමතිය පල කර සිටිනවා.