28 C
Colombo
Tuesday, October 15, 2024

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ලබා ගැනීමට අනුමැතිය

- Advertisement -

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා දෙමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් උනන්දු කරවීම සඳහා පසු මිල දී ගැනීමේ ගිවිසුම් (Buy Back Agreement) ක්‍රම වේදය යටතේ දේශීයව නිපදවන ඖෂධ මිල දී ගැනීම සඳහා 2013-11-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ගිවිසුම්ගතව ඇති දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන වලට වසර 15 ක කාලයක් සඳහා පසු ගිවිසුම්ගත වීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ලබා දෙනු ලබන ප්‍රමුඛතාව මත එම ඖෂධ මිල දී ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දේශීය ඖෂධ නිෂ්පාදකයින් අතර ඖෂධ සැපයීම සඳහා වන පසු ගිවිසුම් අවුරුදු 10 ක් දක්වා ක්‍රියාත්මක කිරීමටත්, 2018-10-02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

රජය සපයන්නේ  ඒ අනුව සපයනු ලබන ඖෂධ වල මිල තීරණය කිරීම සඳහා මිල නියම කිරීමේ කමිටුවක් ද පත් කර ඇති බවයි.

එම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රම වේදය අනුව දැනට රටේ වෛද්‍ය සැපයීම් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ආවරණය වන අතර, එම ප්‍රමාණය 40%ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම 454 ක් සැපයීම සඳහා හැකියාව පවතිනදේශීය ඖෂධ නිෂ්පාදන ආයතන 49 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් හඳුනාගෙන ඇති බවද රජය දැනුම් දෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම දැනටමත් පසු ගිවිසුම්ගත වී ඇති දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන වලට අගතියක් නොවන පරිදි, හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත්, ජලාශය භාර...

මාතර වෙඩි තැබිමක්.අයෙක් මරුට

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...