කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද අද (26) අලුයම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 56ක් වන ඔරුගොඩවත්ත ප්‍රෙද්ශයේ පදිංචි කාන්තාවක්.
ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
එහිදී මාතර කඔුරුගමුවේ පදිංචි 31 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයා ඊයේ රාත්‍රියේදීම මිය ගිය අතර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් තිබෙනවා.