28.4 C
Colombo
Thursday, March 27, 2025

වයස 97දී පශ්චාත් උපාධියක් ලැබූ අත්තම්මා

- Advertisement -

 97 වැනි වියෙහි පසුවන කාන්තාවක් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගැනීම සිහිනය සැබෑ කර ගෙන ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

ලීලාවතී ඇස්ලින් ධර්මරත්න නම් ඇය පසුගිය අගෝස්තු අගෝස්තු 21 වැනිදා පැවැති කැලණිය විශ්වවිද්‍යාලයීය 143 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබුණා.

ඒ වන විය ඇයගේ ඇය වයස අවුරුදු 97කුත් මාස 9ක්.

වර්ෂ 1927 නොවැම්බර් මස 30 වැනිදා හොරණ මිල්ලෑව ගමේ උපන් විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මිල්ලෑවේ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, 1946 වසරේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා.

ඉන් අනතුරුව ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ ඇය 1955 වසරේ රුග්ගහවිල මීවල මිශ්‍ර පාඨශාලාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස සේවය කර ඇති අතර, නොතාරිස්වරියක් ලෙස සේවය කිරීමට දක්වන ආශාව හේතුවෙන් ගුරු වෘත්තියෙන් සමුගෙන තිබුණා.

ඒ, නොතාරිස් විභාගයට පෙනී සිට එම විභාගය සමත්වීමෙන් අනතුරුවයි.

1952 වර්ෂයේදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී සමස්ත ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අය එම වසරේදී විභාගය සමත් වූ එකම කාන්තාව වශයෙන් ද සම්මානයට පාත්‍ර වී ඇති බව සඳහන්.

2023 වසරේදී 94 වැනි වියෙහි පසුවුණු ලීලාවතී, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නේ ඇය ලබාගත් ප්‍රථම උපාධිය ලෙසයි.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලීලාවතී ඇස්ලින් ධර්මරත්න,

“ පාලි සාහිත්‍ය සහ පාලි ඉතිහාසය හැදෑරීමට කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගේ අරමුණ අද ඉෂ්ට වී තිබෙනවා. මම පොඩි කාලේ සිටම බොහොම උනන්දුවෙන් පාලි භාෂාව ඉගෙන ගත්තා. ස්වාමින්වහන්සේ ළඟට ගිහින් අපේ හාමුදුරුවනේ මට පාලි ඉගෙන ගන්න අවශ්‍යයි කියලා කිව්වා. ඉන්පසුව උන්වහන්සේ මවුබස ඉගෙන ගෙන එන්න කියලා කිව්වා. ඉන්පසුව මම පාලි සහ සංස්කෘතත් හොඳින් ඉගෙන ගත්තා. ඒ අනුව (1) පාලි නිකාය ගත බෞද්ධ චින්තනය- විග්‍රහය හා විවරණය (2) බෞද්ධ කලා හා ගෘහ නිර්මාණය -ශ්‍රී ලංකාව (3) බෞද්ධ මනෝ චිකිත්සාව (4) බෞද්ධ ආර්ථික දර්ශනය (5) ථෙරවාදී සම්ප්‍රදාය -ඉතිහාසය හා ධර්ම කරුණු (6) බෞද්ධ ආචාර ධර්ම- සංකල්ප හා දාර්ශනික අර්ථකථනය (7) පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිත රචනය යන විෂයයන් යටතේ මේ පශ්චාත් උපාධිය හිමිකර ගත්තා.”

මේ වෙලාවේ මම ඒ මගේ ගුරුවරු විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ අය මට අවවාද අනුශාසනා කළා. ඒ කාලයේ මගේ උත්සාහයෙන් නොතාරිස් වෘත්තිය දක්වා ගියා. හැම පැත්තෙන්ම ප්‍රජාවගෙන් ගෞරවයක් ආදරයක් ලැබුණා. මට මවුබස සහ ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් හසුරුවන්නට හැකියි. දෙමළ බසත් යම් තරමකට පුළුවන්. පාලි භාෂාව ඉතා විශිෂ්ට ලෙස ප්‍රගුණ කරන්නයි මට එදා අවශ්‍ය වූණේ. ඒ දේ මම කළා. මම බොහොම සතුටින් තමයි ජීවිතය ගෙවන්නේ. මගේ සහජ හැකියාව තුළින් මම හැමදේම කළේ. මම කිසිදු දෙයක් බැහැ කියලා කියන්නේ නැහැ. ”

(2024.08.24 දින ‘සිළුමිණ’ පළ කළ විශේෂාංග ලිපියක් ඇසුරිනි)

RECENT ARTICLES - SINHALA

Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත...

විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද...

චාමරට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...

POPULAR ARTICLES

Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත...

සම්බාධක පැනවිම දේශපාලන නාට්‍යයක් – කරුණා අම්මාන්

බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ...

විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද...