රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමග ඊයේ (26) පොලොන්නරුවේදී බහින්බස් වූ වනජීවී නිලධාරීන් පිරිස ගේ හැසිරීම පිළිකුල් සහගත බවත් ඔවුන් තක්කඩියන් පිරිසක් බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පලකළා.
එහි සිටින බොහෝ නිලධාරීන් දූෂිතයන් බවත් ඔවුන් සම්බන්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කල යුතු බවත් මෙහිදී ඔහු සදහන් කළා.
එසේම ඇතැම් වනජීවී නිලධාරීන්ගේ නම් සදහන් කරමින් ඔවුන් සිදුකරන අක්‍රමිකතා පිළිබදවද ඔහු මෙහිදී හෙළි කළා.
- ‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්
- IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුබ ආරංචියක්
- Breaking: දේශබන්දුට අද නඩුවේ දීපු තීන්දුව
- ව්‍යාජ පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
- දේශබන්දුට තවත් පැමිණිල්ලක්