හබරාදුව ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරීනියකගේ සැමියා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග හබරාදුව ප්‍රදේශය සභාව අද උදෑසන තාවකාලිකව වසාදැමීමට කටයුතු කර ඇත.
එම නිලධාරිනිය සමඟ සේවය කළ හබරාබදු ප්‍රාදේශිය සභාවේ තවත් පුද්ගලයන් 10ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශිය සභාවේ බලධාරීන් පියවර ගෙන ඇත.
අදාල නිලධාරිනිය ඉමදුව, කනංකේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය හබරාදුව ප්‍රදේශිය සභාවේ ආයුර්වේද අංශයේ සේවය කරන බවත් වාර්තා වේ.